පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2322ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් රථ වාහන නඩු 5254ක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි. ඊයේ (26දා) රාත්රී 10 සිට රාත්රී 12 දක්වාත් අද අලුයම 3 සිට 5 දක්වාත් මෙම මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.
