දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කර සිටියේය.
මෙහිදී හෙරොයින් ග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 163ක් අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 176කට අධික ප්‍රමාණයක් සමඟ සැකරුවන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් බෙහෙත් කොටන තුවක්කු 06ක් සමග සැකකරුවන් 5 දෙනෙක් ද නීති විරෝධි මත්පැන් ලීටර් 3, 310ක් සමගින් සැකකරුවන් 367ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
වරෙන්තු නිකුත් කර සිටි පුද්ගයින් 297ක් සහ වෙනත් වැරදි සඳහා සැකකරුවන් 782ක් අත්අඩංගුවට ගෙන ඇත.
