පැන්ඩෝරා පේපර්ස් තුළ නම් සඳහන් සියලුම පාකිස්තාන ජාතිකයන් පිළිබඳව විමර්ශනය කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
ලෝකයේ හිටපු හා වත්මන් නායකයන්ගේ, දේශපාලකයන්ගේ, රජයේ නිලධාරීන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳව සඳහන් කරමින් ලෝකයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 600ක් පමණ කළ ගවේෂණයක් අනුව මෙම තොරතුරු අණාවරණය වි තිබේ.
පාකිස්තාන මුදල් අමාත්‍යවරයා හා ඔහුගේ පවුලේ උදවියට හා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු උපදේශකයෙකුගේ පුතෙකුට අයත් වත්කම් මේ අනුව හෙළිකර තිබුණි.
කෙසේ වෙතත පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට විදේශීය සමාගම් ඇතිබවට මෙම ලේකණ තුළින් හෙළිකර නොමැත.
නම් සඳහන් පාකිස්තාන ජාතිකයන් පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද අග්‍රාමාත්‍යවරා පැවැසීය.