පාස්කු කොමිසම වනාතවිල්ලුව කරතිව් අරාබි පාසල නිරික්ෂණයට
ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.
මෙසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසමේ නිලධාරින් කරතිව් අල්සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරිම සිදුව තිබු අතර පාසල් භූමිය නිරික්ෂණයට කිරිමද සිදුවන ආකාරය දැක ගත හැකි විනි .
මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරු දරවන්ට පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දි ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තුව මගින් කල පරික්ෂණ වලදි හෙළි කර ගෙන තිබේ .
ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරු දරුවන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තුවට මෙයට පෙර ප්‍රකාශ ලබා දි ඇති බව කියයි.
ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරින් මේ පිළිබදව සොයා බැලිමට පැමින තිබුනි .
මෙසේ පැමිනි නිලධාරින් අරාබි පාසලේ සියලුම ස්ථාන දැඩි විමර්ශනයට ලක් කර තිබෙන ආකාරය දැක ගත හැකි විනි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
