පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ 2ක් IS පුහුණුව ලබලා?
පු්දගලයන් 360කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්කරමින් තවත් පුද්ගලයන් 500කට අධික පිරිසක් තුවාල කරමින් පාස්කු ඉරිදා දිනයේදී ශ්රී ලංකාවට එල්ල කළ ත්රස්ත ප්රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් දෙදෙනෙකු ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ (IS) පුහුණුව ලබා ශ්රී ලංකාවට පැමිණ ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
මොවුහු ඉරාකයේ හා සිරියාවේදී මෙම පුහුණුව ලබා ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය ලංකාවේ වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.
මෙම ත්රස්තවාදීන් දෙදෙනා තරුණ වයස්හි පසුවන්නන් බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
popular news
-
Champa Thursday, 25 April 2019 11:49 AM
IS කතා දැන් පස්සේ හදපු බොරු කතා. ඇමරිකාවයි ඉන්දියාවයි දෙකම රනිල් එක්ක මේකට හවුල්. ලෝකේ කොහෙද ISIS මරාගෙන මැරෙන ප්රහාරයක් කරන කොට වෙනත් රටක් ඔත්තු දෙන්නේ පැයෙන් පැයට. ඉන්දියාව පැයකට කලිනුත් කිවලු බෝම්බ ගහන්නේ කොතනටද කියල. ඉන්දියාව වේලාසනම තමන්ගේ පැත්තට ඇඟිල්ල දිගු වෙයි කියල ඒ සඳහා ගත්ත පෙර සූදානම තමයි ඔය ඔත්තු දුන්නයි කියන කතාව. අනිත් එක ඉන්දියාව මුලින් කිව්වා කියන කොහවත් නැහැ IS ගැන කතාවක්. අනිත් එක මම දන්නා විදිහට ISIS මෙහෙම තැන් කීපෙක මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කරන්නේ නැහැ. ISIS එක රටවල් 29 කට එල්ල කරපු ප්රහාර වලින් මැරිච්ච සම්පූරණ ගාන 2043ක්ලු. රටවල් 29 කට. වැඩියෙන්ම කරලා තියෙන්නේ වෙඩි තැබීම්. අනිත් එක මෙතනම මිනිස්සු 360 විතර එතනම මරල. 500 කට වඩා තුවාල වෙලා. තවත් 200 ගනනක් මැරිලා ඉන්නවලු අඳුන ගන්න බැරුව. මේ වැඩේට සම්බන්ධෙ තියෙන්නේ ලංකා ආණ්ඩුව එක්ක මිසක් ISIS එක එක්ක නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

