පාසල්වල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේදී පත් කරන බවත් තාවකාලිකව නතරවී ඇති පාසල් දරුවන්ට ටැබ් ලබාදීමේ වැඩපිළිවෙළ යළි කඩිනමින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණය හා පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
‘‘ටැබ් දීම තාවකාලිකව නතර වුණා. ටැබ් යළි ලබාදීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛන සකස් කර තිබෙන්නේ. ඉතා ඉක්මනින් පාසල් දරුවන්ට ටැබ් යළි දෙනවා. තොරතුරු තාක්ෂණය සමග අපේ අධ්‍යාපනය ඉදිරියට යායුතුයි.
ඉස්සර අපි පාසල් යන කාලේ පාසල් පරීක්ෂකවරු හිටියා. ඔවුන් පාසලට එන දිනවල දී විදුහල්පතිවරු, ගුරුවරු බොහොම ප්‍රවේශමෙන් ඒ පැමිණීමට මුහුණ දෙනවා. ඔවුන් පාසල්වල ගුණාත්මක බව ගැන සොයා බැලුවා. අපි මේ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරනවා. අධ්යක්ෂ ජනරාල් කෙනෙක් පත්කරලා, ඒ යටතේ පළාත් නමයට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු නම දෙනෙක්, සහකාර කොමසාරිස්වරු පත්කරනවා.
ඔවුන් පාසලේ ඉගෙනුම් හා ඉගැන්වීමේ ක්‍රමය විතරක් නොවෙයි භෞතික සම්පත් ගැනත් දරුවන්ගේ කාර්යසාධන ගැනත් අවධානය යොමු කරනවා. එමගින් අධ්‍යාපනය තවත් ඉහළ තලයකට ගෙන යන්නට අපට හැකි වේවි“ යැයි පවසීය.

හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්, ගාල්ල සිරන්ගිකා ලොකුකරවිට