2019 වර්ෂයේදී සිසුන් වෙත නොමිලයේ බෙදා හැරීමට නියමිත පාසල් පෙළපොත් නොවැම්බර් 04 දිනට ප්‍රථම පාසල්වලට බෙදාදීම සඳහා සැලසුම් කර තිබේ.
ඒ සඳහා වර්ග 419කින් හා පිටපත් මිලියන 39.7කින් යුත් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 3,473.1ක මුදලකට දේශීය මුද්‍රණ ආයතන 27ක් වෙත පැවරීමට නියමිතය.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
