විදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති පවත්වන වැඩවර්ජනයක් හේතුවෙන් අද (04දා) දිනයේදී පාසල් බොහෝමයක කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වෙයි.
පාසල් සිසුන් පාසලට පැමිණියද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ පැමිණීමේ අඩුවක් පවතින බවද වාර්තා වෙයි. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව සිටියි.
