පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවක්?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, නියමිත කාලයට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිවෙමින් තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
එසේ වුවහොත් නැවත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව නාමමාත්රික ජනාධිපතිවරයෙන් පත්කිරීමක් සිදුවේ.
එම යෝජනාව සඳහා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ වැඩි කැමැත්තක් ඇති බව වාර්තා වුවද, එම පක්ෂවල සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ‘එයට විරුද්ධ වී ඇති අතර, පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවට මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට ඔවුන්ගේ අදහස වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරෝධය පළ කර ඇති අතර, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීමට අවස්ථාව නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 75 ක් එක් කර ගැනීමේ මෙහෙයුම මේ වනවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආරම්භ වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාව සම්මත කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වෙන වෙනම මුණගැසී සාකච්ඡා කළ අතර, එහිදී ධනාත්මක ප්‍රතිචාර හිමි වූ බවද ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශ කළේය.
මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද එම පක්ෂය සඳහන් කර තිබිණි.
එසේ වුවද වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වී ඇති බැවින් ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයන් පැවැත්වීමට නියමිතව ඇති අතර, එම ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසා සිටියේය.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සාකච්ඡා සිදුවෙමින් පවනිත බවටද වාර්තා වේ. එහිදී රාජපක්ෂවරයෙකුට අවස්ථාව ලැබෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා නම් කිරීමට දැනටමත් තීරණය වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් නිර්මාණය කරගැනීමේ සාකච්ඡාද පැවැත්වෙයි. සාකච්ඡා සාර්ථක වුවහොත් ඔවුන් සන්ධානයෙන් එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කරනු ඇත.
ජනාධිපතිවරණයක් පැවැත්වුණහොත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට දැඩි ස්ථාවරයක සිටින බවට වාර්තා වෙයි.
එහෙත් ජනාධිපතිවරණයකට නොගොස් මහමැතිවරණයකට ගියහොත් ප්‍රධාන කණ්ඩායම් තුනෙහි ඇති අභ්‍යන්තර අර්බුද පහසුවෙන් විසඳා ගැනීමේ අවස්ථාවක් හිමිවන බැවින් පක්ෂවල ඉහළ පුටු මහමැතිවරණයකට කැමැත්තෙන් පසුවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
popular news
-
Deepal Nirosh Monday, 25 March 2019 09:51 AM
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ඒ හා සබැඳි 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. එය කඩිමුඩියේ කළ නො හැකියි. මේ පාර්ලිමේන්තුවේ ඉදිරි කාලය ඊට ප්‍රමාණවත් නැහැ. අද රට මුහුණ පා ඇති තත්ත්වය අනුව විධායක ජනාධිපති ක්‍රමය තව දුරටත් අවශ්‍යයි.
Reply : 0 1
Champa Monday, 25 March 2019 12:56 PM
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න රටට ආදරේ කිසිම සිංහලයෙක් කැමති වෙන්නේ නැහැ. අනික එහෙම කරන්න ජනමත විචාරණයක් තියන්න ඕනේ. විධායකය අහෝසි කරන්න හදන්නේ ජාති ද්‍රෝහියෝ. මේ වෙලාවේ මහා මැතිවරණයකට යනවා නම් කියලාවත් කරගන්න බැරි වැඩක්. ඒ මොකොද කිව්වා නම් රටටම එපා වෙලා තියෙන මේ පාර්ලිමේන්තුව වේලාසනම ගෙදර යවන එක. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙට කිසිම පක්ෂේක්ට සම්බන්ධ වෙන්නේ නැතුව ජනතාව ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් විදිහට ඉදිරිපත් වෙන්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තුව සම්පූර්නයෙන්ම අලුත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් කරන්න හොඳම අවස්ථාව. ජනතාවට දැන් පක්ෂ දේශපාලනේ තිත්ත වෙලා තියෙන නිසා මේ තමයි ශ්‍රීලංකා යූඑන්පී පොහොට්ටු ජේවීපී ඔක්කොම ගෙදරම යවන්න ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාව. ශ්‍රීලංකා මැතිවරණ ඉතිහාසයේ ලොකුම පරිවර්තනය කරන්න හොඳ වෙලාව. මටත් පුළුවන් ඕනේ නම් ජනතාව දැනුවත් කරන්න හෝ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වෙනවා නම් ඒ ඕනේ කෙනෙක් වෙනුවෙන් චන්දෙ අරන් දෙන්න. අමාරු වැඩක් නෙමෙයි. හැම ගමකින්ම "ලංකාව ලකුණෙන්" කුඩා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වෙන්න.ඊට පස්සේ එක ප්‍රධාන රැස්වීමක් විතරයි ඕනේ.Let's go for it!
Reply : 0 0
rocky Tuesday, 26 March 2019 06:53 AM
විධායක ජනාධිපති ක්‍රමයක් මේ රටට කොහොමවත් ඕන නැහැ!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

