පාර්ලිමේන්තු සෝපානය ක්‍රියාවිරහිතවිම ගැන පරීක්ෂණයක්
පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාවිරහිත වීම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බවත්, ඒ සඳහා අදාළ සමාගම් පාර්ලිමේන්තුවට කැඳවා එම තීරණ අනුව අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවට නව විදුලි සෝපාන සවිකිරීමට ක්‍රියාකරන බවත් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විදුලි සෝපානය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණ ඊයේ (07දා) උදෑසන විනාඩි 15 පමණ කාලයක් විදුලි සෝපානයේ සිර වී බවට මන්ත්‍රීවරුන් දැනුම්දීමෙන් පසුව කාථානායකවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන වසර 37ක් පමණ පැරණි බවත්, අලුත් සෝපාන සවිකර නොමැති බවත් එහිදී අනාවරණය විය.
එම විදුලි සෝපානය අක්‍රීය වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, සී.බී. රත්නායක, ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජදීර, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රංජිත් සොයිසා, නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් එහි සිට ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීමේදී පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පවසා සිටියේ, විදුලි සෝපානයට දැරිය හැකි බර ප්‍රමාණයට වඩා අධික බරක් ඒ අවස්ථාවේ විදුලි සෝපනය තුළ තිබී ඇති බව සැකකරන බවයි.
එවැනි අවස්ථාවක විදුලි සෝපානයේ සීනුව ක්‍රියාත්මක වන නමුත් මේ අවස්ථාවේදී සීනුව ක්රියාක්මක නොවීම කාර්මික දෝශයක් බවට සැකකරන බවත්, ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීමට නියමිත බවත් හෙතෙම පැවසීය.

popular news
-
upul Friday, 08 February 2019 10:46 AM
මේක තම දැන් ලොකුම ප්‍රශ්නේ පරීක්සන කරන්ඩ ඕනි. මෙච්ච්ච්ර රටේ ප්‍රශ්න තියෙද්දී...................
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

