පානීය ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන්න
පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්ෂිත කිරීමට කටයුකු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වියළි කාලගුණ තත්ත්වය මේ වනවිට දිස්ත්‍රික්ක හයකට පමණ බලපා තිබෙන බවත්, මීට අමතරව කළු ගඟට ජලය මිශ්රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පවුල් පනස් දහසකට අධික පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
පානීය ජල ගැටලුවලට ලක්ව සිටින ජනතාවට බවුසර් මගින් ජලය බෙදාහැරීම සිදුකරන බවත්, ජල මූලාශ්‍ර සුරක්ෂිත කිරීම හා පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් යොදාගැනීමට කටයුතු කළහොත් ඒ හරහා ජල සුරක්ෂිතතාවක් ඇති වන බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේ නොමැතිව නළ මගින් ලබාදෙන ජලය වාහන සේදීමට හෝ මල්පැලවලට යෙදීම හරහා ඉදිරියේදී ජල ගැටලුවක් ඇතිවිය හැකි බවත්, මේ මාසයේදී හා ලබන මාසයේදී අපේක්ෂිත වැසි නොලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම බොහෝ ප්‍ර‘දේශවලට දැනට ජල හිඟයක් නොමැති බවත්, එහෙත් වියළි කාලගුණ තත්ත්වය දිගටම පැවතිය හොත් අදාළ ප්‍ර‘දේශවල ජනතාවට ජලය ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා නළ ජලය සේම පානය කිරීමට සුදුසු ළිං ජලය, නළ ළිං ජලය සුරක්ෂිත කිරීම සියලු දෙනාගේ වගකීම බවත්, මීට අමතරව කැලෑ ගිනි තැබීම හරහා පරිසරය හා ජල උල්පත් විනාශ වී යන නිසා මෙවැනි කටයුතු සිදුනොකරන ලෙසත් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (09දා) දක්වා කාලය තුළ කැලෑබද ප්‍ර‘දේශ එකසිය හතළිහක ගිනිතැබීම් සිදුකර තිබෙන බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
popular news
-
රංගන Monday, 09 March 2020 07:53 PM
වැඩ කරන අපේ විරුවා ආපු දවසේ ඉදන් වැස්සත් නැහැ, වතුරත් නැහැ, මිනිස්සුන්ට කන්නත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ රෝග බිය විතරයි. නරක පාලකයෝ ආවම සොබාදහමත් දරුණු වෙනවා කියලා දහමේ සදහන් වෙන්නේ මේකට වෙන්න ඇති.
Reply : 0 0
samson de silva Tuesday, 10 March 2020 10:13 AM
මොකද්ද බන් එම කතාවේ තේරුම? පානීය ජලය නම් එය පාවිච්චි කරන්නේ එකම දෙයකට, එනම් පානයට. වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු තියෙනවද පානිය ජලය භාවිතා කරන?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
