වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 හෝ 0112670002 හෝ 0112136136 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.
යාපනය, වව්නියාව, කිලිනොච්චි, මන්නාරම, කුරුණෑගල, පොළොන්නරුව, අම්පාර දිස්ත්‍රික්කවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ඇතිවී තිබෙන බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙහිදී පානීය ජලය ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය තරම් ජල බවුසර හා උපකරණ ලබාදී තිබෙන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
