මරණීය දණ්ඩනය නියම වී සිටින තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කර තිබනෙ අභියාචනය විභාගය සඳහා දින නියම කර තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 25 වනදා එම අභියාචනය කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.
එම අභියාචනය අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
2015 වසරේ කහවත්ත ප්‍රදේශයේ පැවති එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ රැස්වීමකට පහරදී පුද්ගලයකු මරාදැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට රත්නපුර මහ අධිකරණය මගින් 2020 වසරේ ජූලි මස මරණීය දණ්ඩනය නියම කළේය.
තමන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බව ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි.
ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු විසින් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.