ශ්‍රී ලංකා ප්‍රාථමික කර්මාන්ත සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් ඊයේ (03දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
එම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාව, වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම, වෙළඳ පොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂා කරන අතර සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා එම ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයේ දැනගැනීම උදෙසා මෙලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
