ප්‍රහාර පසුපස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානත්
ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත්රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව අද රැස්වූ ආරක්ෂක මණ්ඩලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමටද ජනාධිපති අපේක්ෂා කරයි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට ඔහු අපේක්ෂා කරයි.
දේශීය ත්රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

popular news
-
Wimal Monday, 22 April 2019 04:26 PM
සොබිත අපේ හාමුදුරුවනේ,,, අපි අසරණ වෙලා අනේ අපේ හාමුදුරුවනේ..!!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

