ප්‍රහාර ගැන ඇමතිවරයෙකුගේ පියෙක් දැනගෙන සිටියානම් පරීක්ෂණයක් කරන්න
රට තුළ ප්‍රහාරයක් සිදුවන බවට ඇමතිවරයෙකුගේ පියෙකු දැනගෙන සිටි බවට එම අමාත්‍යවරයා ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ සොයා බලා අවශ්‍ය කටයුතු කළ යුතු බව කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.
අපේ රටේ සියලුම ජාතීන් සමගියෙන්, සාමයෙන් හා සතුටින් ජීවත්වූ බවත්, මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන ලෝකයාට ආදර්ශයක් ලබාදිය යුතු බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මේ පිළිබඳ රජය දැනගෙන සිටි බවට ප්‍රකාශ වන බවත්, එහෙත් ඒ පිළිබඳ අනාගමික නායකයන් කිසිවක් නොදන්නා බවත්, මේ නිසා රජය මේ පිළිබඳ සොයා බැලිය යුතු බවත් අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ අවධාරණය කළහ.

popular news
-
Kumar Monday, 22 April 2019 09:18 PM
ප්‍රහාරය ගැන දැනගෙනත් තම සහෝදර ක්‍රිස්තු බක්තිකයන්ට නොකියා සිටි ඇමතිවරු පන්නදමන්න ඕන. ඒ ගමන්ම පොලිස් පතිතුමාවත් කැදවාගෙන යන්න කියන්න. මේ අයද ලංකාව දියුණුකරන්න ඉනනෙ.
Reply : 0 0
rocky Tuesday, 23 April 2019 05:53 AM
බොරදියේ මාළු බාන්න මෙය අවස්තාව කර ගත කණ්ඩායමක් මෙය ගැන ජනතාව නොමග හරින්න හදනවා. බුද්ධි අංශය බෙල හීන කිරීම ගැන ආණ්ඩුවට චෝදනා කරනවා. බෙල හීන වෙලා තිබුනා නම් බුද්ධි අංශය මේ ගැන මෙච්චර කාර්යක්ෂම විදිහට තොරතුරු සොයා අදාළ අන්සවලට කල් ඇතුව දැනුම් දුන්නේ කොහොමද? වරද සිදුවී ඇත්තේ ආරක්ෂක අංශයෙන්. ආරක්ෂක කටයුතු භාර ජනාධිපතිවරයා හරියටම මේ වෙලාවේ රටින් පැන්නේ ඇයි? ඔහු වැඩබලන ආරක්ෂක ඇමතියෙකු පත් නොකර ගියේ ඇයි? ආරක්ෂක මණ්ඩලයේ සිටින බලවතුන් ඔවුන්ගේ වග කීම්වලින් කර ඇරියේ ඇයි? මේක අහිංසක මිනිසුන් රැසක් බිල්ලට දී දේශපාලන වාසි ගැනීමට කල භයානක කුමන්ත්‍රණයක්. නිසි බලධාරීන්ට මේ ගැන කල් ඇතුව දැනුම් දී තිබියදී ඔවුන් කර අරින විට මේ ගැන යමක් කීවේ නැහැ කියා හරින්ට චෝදනා කිරීමේ සාධාරණයක් නැහැ. ඔහුට බලයක් නැහැ ප්‍රකාශයක් කරන්න. පල්ලියට දැනුම්දෙන්න නම් පුළුවන් කම තුබුන. එත් පල්ලියට සෙනග නොපැමිණියා නම් බෝම්බ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවිට ඔහුට චෝදනා කරාවි, බොරු අනතුරු ඇඟවීමක් කළාය කියල!
Reply : 0 0
lion Tuesday, 23 April 2019 06:04 AM
අපේ හාමුදුරුවනේ අහන්න රටේ නායකයාගෙන් ලිකිත්ව දැනුම් දීලත් මේවට කටුතු නොකරපු එක ගැන.අගමැතිට ආරක්ෂක මණ්ඩල රසවිම්වලට කැඳවපු නැති එක ගැන .වැඩ බලන රක්ෂක ඇමති කෙනෙක් පත්කරපු නැති එක. මේ කරුණට මුලින්ම වගකිය uththe සිරිසේනෛ.මොහු ජනාදි පතිකමින් පන්න දැමිය uthui
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

