ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව පළඳින්න එපා - ACJU
රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ (බුර්කාව) ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරයි. එම සංවිධානය අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවිතුමා පැවැසීය.
‘‘බුර්කාව පිළිබඳ අපේ ප්‍රකාශය තමයි මේක සංස්කෘතියක්. ඒ වගේම සෑම දෙනාගේම පෞද්ගළික අයිතිවාසිකමක්. අපි මෙතන සංවිධානයක් විදියට ආගමික නායකයන් විදියට ප්‍රචාරය කරලා නෙමෙයි ඒ අය බුර්කාව දාන්නේ. එහෙම දානවනම් සමස්ථ මුස්ලිම් කාන්තාවන් එය පලදින්න ඕන. අපි කියලා නෙමෙයි මේ කලු පාටින් මුහුණ ආවරණය කරන්නේ. ඒක ඒ අයගේ කැමැත්ත මත මොකක්ද හොඳ කියලා හිතලා දාගෙන යනවා.
නමුත් මේ අවස්ථාවේදී මේ මුහුණු වහගෙන යන අය පිටුපස්සේ කවුද යන්නේ කියලා මහජනතාව බියට පත්වෙලා තියෙනවා. සැකෙන් ඉන්නවා. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව සඳහාත් අපේ රටේ ඉන්න ආරක්ෂක අංශ වලට සහයෝගය දීම සඳහාත් මේ කාලයේ පොදු ස්ථාන වලට යනවනම් මුහුණ ආවරණය කරන්න එපා කියලා. ඒ මුහුණ ආවරණය කරගෙන යන කාන්තාවන්ගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා.
ඒ වගේම තමන්ගේ හැඳුනුම්පත අරගෙන යන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂක අංශයට සහයෝගය ලබා දෙන ලෙසත් අපි කාන්තාවන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරනවා‘‘ යැයි එම සංවිධානය සඳහන් කරයි.
popular news
-
Don Friday, 26 April 2019 08:08 AM
බර්කාව සහමුලින්ම තහනම් කරන්න ඕන. එක විලිවහගන්න අඳින ඇඳුමක් නෙවෙයි. මුස්ලිම් නැන්දම්මල,මාමල ලේලිලව අනිත් අයගෙන් ආරක්ෂා කරන, පෙම්වතා පෙම්වතිය හංගල තියන්න පාවිච්චි කරන ඇඳුමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

