ප්‍රසන්නගෙන් දයාසිරිට අභියෝගයක්
මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි කියූ විට දයාසිරි භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු ලෙස කලබල වී ඇති බවත් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්න යැයි තමන් ශ්‍රීලනිප මහලේකම්වරයාට අභියෝග කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දුන් දයාසිරි ජයසේකර වැන්නවුන්ට මෙවර ජනතාව හොද පාඩමක් උගන්වනු ඇති බවයි.
ඊයේ (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා ,
“ මෛත්‍රීට 2015 පක්ෂය භාරදෙනකොට මහින්ද මහත්තයා විශේෂ ඉල්ලීමක් කළා. පාක්ෂිකයෝ රැකගන්න කියලා. නමුත් මෛත්‍රි මොකද කළේ පාක්ෂිකයන්ව එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නා. ඒ විතරක් නෙමෙයි. මහින්දට ආදරය කරන පාක්ෂිකයන්ගෙන් පළිගත්තා. මහින්දලාගෙන් පළිගත්තා. පළිගන්න නීතිය නැමුවා. නීතිය වෙනස් කලා. එහෙම කරපු මෛත්‍රී තමයි අද අපේ පස්සෙන් එන්නේ.
මම හැමතැනම කියනවා පොහොට්ටුවට ඡන්දය දෙන්න කියලා. හැබැයි මතක තියාගන්න පොහොට්ටුවේ සියලුම අපේක්ෂකයෝ පොහොට්ටුවේ නෙමෙයි. පොහොට්ටු ගහගෙන පොහොට්ටු පාට ඇදගෙන මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයාගේ ෆොටෝ ගහගෙන ආවාට ඒ හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. මෙතන ඉන්නවා පොහොට්ටුවෙන් තරග කළාට මහින්ද මහත්තයාව දාලා ගිය අයත්. මෛත්‍රීට හේත්තු වෙලා තනතුරු වරප්‍රසාද ගත්ත අයත්. එහෙම තනතුරු වරප්‍රසාද අරන් මහින්දට ගහපු අයත්. ඒ නිසා මේ ගැන හොඳට හිතන්න. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා. මහින්දවත් දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න පුළුවන් අය විතරක් පාර්ලිමේන්තුවට යවන්න. පහුගිය කාලයේ එහාට මෙහාට පැනලා වරදාන වරප්‍රසාද ගත්ත කීපදෙනෙක් ඉන්නවා. එයාලා පාර්ලිමේන්තුවට එවන්න එපා.
ඊයේ කුරුණෑගල සිරි කෙනෙක් කියනවා ගම්පහ පැත්තේ බඩ තඩි මොළේ නැති කෙනෙක් පක්ෂය බෙදන්න හදනවා කියලා. ඒ හින්දා මම අද ඩෙනිමක් ගහගෙන ආවා කොල්ලා වගේ. එදා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීට සිරා සිරා කියලා බැනලා පස්සේ කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ළගට ගිහින් දණ ගැහුවා. එතන ඉදන් මහින්ද මහත්තයාට බැන්නා. ඔය සිරාලා බැන්නට මට වැඩක් නෑ. මම අදත් කියනවා මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මම මේක කියනකොට යහපාලන කටු සූප්පු කරපු අය ගැරඩියන්ට භූමිතෙල් වැදුණා වගේ කලබල වෙනවා. මට බනිනවා. මට අභියෝග කරලා තිබ්බා කුරුණෑගල සිරි මේ පාර ඡන්දයේ දී මිනිස්සු ප්‍රසන්නට ඡන්දය දෙයිද කියලා. මම දයාසිරිට වඩා එක ඡන්දයක් හරි ගන්නවා. පුළුවන් නම් කුරුණෑගලින් මට වඩා එක ඡන්දයක් හරි ගන්න. මම අභියෝග කරනවා යැයි ඔහු පැවසීය.

popular news
-
Champa Sunday, 05 July 2020 08:29 PM
හරියටම හරි කතාව. ඒ පැත්තට මෙීි පැත්තට පැනපු දයාසිරි ඇතුලු මෛතිුගෙ පිලේ කිසි කෙනෙක්ට නැවත පාර්ලිමෙීින්තු එන්න දෙන්න හොද නැහැ. 2015 අගොස්තුත් ජනතාව කිවීිව මහින්ද අතෑරල ගියපු දයාසිරිට නැවත අවස්ථාවක් දෙන්න එපා කියල. නමුත් මහින්ද හැවීීිවෙ නෑ. වෙීිදිකාවට ගත්ත. අන්තිමට මොකද වුනේ. එකම අවුරැද්දෙ දෙවෙනි වතාවටත් දයාසිරි මහින්ද පාවල දිල මෛතිුට එකතු වුනා. මෙීි පාර දිනුවොත් ආපහු ඒකම කරනව. මහින්දට එරෙහිව පාර්ලිමේන්තුවේ හදන්න නියමිත කල්ලියට මෛත්‍රීගේ පිලේ කුක්කො ටික ආයේ එකතු වෙනවා. ඒ හින්ද පරණ මෝඩකම් නැවත කරන්න එපා. 2015 මහින්ද අතෑරලා මෛත්‍රීට එකතු වෙලා මස් කටු ගත්ත කිසි කෙනෙක්ට ආයේ මහින්දව පාවලා දෙන්න ඉඩ නොදෙන්න මහජනතාව සිතට ගත යුතුයි. ඊළඟ පර්ලිමේන්තුවත් පාවා දීමේ පාර්ලිමේන්තුවක්. ඒකට හේතුව ගෝඨාභයට සහ බැසිල්ට මහින්දව අතෑරලා වෙන ගමනක් යන්න ඕනේ වීම. මහින්ද ඉන්න කොට ගිවිසුම් ගහල රට පාවල දෙන්න බැහැ. පාර්ලිමේන්තුවට තියෙන්නේ මහින්දගේ හයිය. මුළු රටටම තියෙන්නේ මහින්දගේ හයිය. ඒ හින්ද 100%ක් මහින්ද පාවා නොදෙයි කියලා විශ්වාස කරන පිරිස විතරයි පාර්ලිමේන්තු යවන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
