ප්රභූ ආරක්ෂක රථයක් ලෙස මාර්ගයේ ධාවනය කරමින් දිර්ඝ කාලයක සිට කසිප්පු ප්රවාහනය කල කාර් රථයක් තුළ කසිප්පු මිලිලිටර් 33.000ක් සහ සැකකරුවෙකු අද (21) දින අලුයම පොළොන්නරුව ඕනැගම ප්රදේශයෙදි අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පොළොන්නරුව ඕනැගම ප්රදේශයේ පදිංචි අයෙක් බවත් අත්අඩංගුවට ගත් කාර් රථය එම පුද්ගලයා විසින් ප්රභු ආරක්ෂක රථයක් ලෙස මාර්ගය ඉඩ ලබා ගන්නා සංඥා පද්ධතියක් සකසා තිබේ.
එසේ තිබිම නිසා මාර්ගයේ ගමන් ගන්නා විට කිසිදු ආරක්ෂක නිලධාරියෙකු ඒ පිළිබඳ පරික්ෂා නොකර සිටින බැවින් එලෙස සකසා කලක පටන් කසිප්පු පොළොන්නරුව පුරා මෙම පුද්ගලයා බෙදා හැර ඇති බවට තොරතුරු ලැබි ඇති බව අරලගංවිල පොලිස් විශේෂ කාර්යය බලකාය පවසා සිටි.
අරලගංවිල පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලිම රැයක් රැක සිට මෙම වැටලිම සිදු කර තිබේ.
