හලාවත, සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා එළඹෙන (03දා) දක්වා රජයේ ළමා නිවාසයක රඳවා තැබීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26දා) නියෝග කළේය.
එම විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් (16) නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර සිසුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.
පසුගිය (10දා) රාත්‍රී සවරාන කොළණියේ මුස්ලිම් පල්ලියේ පැවති ආගමික මෙහෙයකින් පසු නිවසට යමින් සිටියදී සැකකරුවන්විසින් මෙම ඝාතනය කර තිබූ බව මෙහිදී හෙළි විය.
එම මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී සැකකාර සිසුන් තිදෙනා වෙනත් පිරිසක් සමග ආරාවුලක් ඇති කර ගත් අවස්ථාවේදීඑය සමථ කිරීමට මියගිය සිසුවා ඉදිරිපත් වීම නිසා මෙම ගැටුම ඇති වී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
හලාවත පොලීසිය පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ හලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
හලාවත සුපුන් හංසන
