නාරම්මල දම්පැලැස්ස ප්රදේශයේදි පොල්ලකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ පස්වරු මෙම ඝාතනය සිදුව ඇති අතර දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්රදේශයේ දෙදෙනෙකු අතර සිදුවු ආරවුලක් අතර එක් පුද්ගලයෙකු විසින් සිදුකළ තල්ලු කිරිමකදි අනෙක් පුද්ගලයා බිම ඇද වටි හිසට බරපතල තුවාල සිදුවිම හේතුවෙන් රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබේ.