වැල්ලම්පිටිය පී. පී. පෙරේරා මාවත කොලොන්නාව ප්රදේශයේ තියුණු ආයුධ ප්රහාරයකට ලක්ව කාන්තවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොලොන්නාව ලිපිනයේ පදිංචි මෙහොමඩ් සවාහීර් මොහොමඩ් ෆාතිමා සිතාරා නමැති 38 හැවිරිදි කාන්තාවකි.
ජීවිතක්ෂයට පත්වූ කාන්තාව සිය නිවස තුළ තියුණු ආයුධ ප්රහාරයකට ලක්ව සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පහරදීම සිදුකළ සැකකරු සොයා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මේ අතර යාපනය මනිප්පායි ප්රදේශයේ නිවසක් තුළ තිබියදී කාන්තා මළසිරුරක් මනිප්පායි පොලීසියට ලද තොරතුරක් මත සොයා ගෙන තිබේ.
මෙලෙස ඝාතනය වී ඇත්තේ මනිප්පායි ප්රදේශයේ සංගප්පුලේ පාර මනිප්පායි පදිංචි තම්බයියා ලීලාදේවි නමැති 69 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය එම නිවසේ මෙහෙකාර සේවයේ නිරතව ඇති අතර ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මනිප්පායා පොලීසිය වැඩිදුර විර්ශන සිදු කරයි.
