ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කරනවා - මහින්ද
ත්‍රස්තවායද වැළැක්විමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රති ත්‍රස්ත පනත අහෝසිකිරීම තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. තවත් මාස හයක පමණ කාලයක් මේ පනත පවතිනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එම පනත මේ වන විට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකර ඇති බවත් එම කාරක සභාව නියෝජනය කරන තම පාර්ශ්වයේ විරෝධය මත තවමත් පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ප්‍රමාද වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 27 March 2019 03:35 PM
ආ... ඕකට තමුන්නාත්සේලාගෙ ආණ්ඩුවක් එන්න එපායැ. ආණ්ඩුවක් ගේනන නම් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රණය කරන්නත් ඕන.ජයග්‍රණය කරන්න නම් ජනාධිපතිවරණයක් ලබා ගන්න ඕන. ඒ තරඟෙට නියම අපේක්ෂකයා තෝර ගන්න ඕන. ඒ කෝකටත් කලින් පොහොට්ටු-බුලත් සන්ධානය සාර්ථකව ගොඩ නැගෙන්න ඕන. මුහුදට හත් නොවෙයි දහස් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න නැතුව තමුන් ඉන්නෙ කොතන ද කියල බැලුව නම් තේරෙයි.
Reply : 1 0
Champa Wednesday, 27 March 2019 06:04 PM
මේ යූඑන්පී ගහලයාගේ පනත සම්මත කර ගන්න හදන්නේ චන්දෙට ඉස්සෙල්ල. ඒක නවත්තන්න පුළුවන් නම් හොඳයි නේද? මිනිස්සු මේ ගැන හරියට දන්නවද මම දන්නේ නැහැ. මේකට මහජන විරෝධයක් එකතු වුනා කළා නම් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

