ප්රජාතන්ත්රවාදය සුරැකිමේ ලෝක ප්රජාවගේ ගෞරවය අපිට ලැබි අවසන් - කරු
ප්රජාතන්ත්රවාදය සුරැකීම සම්බන්ධව අද ලෝක ප්රජාවේම ගෞරවය ශ්රී ලංකාවට ලැබී තිබෙන බවත් රටේ නූපන් පරපුර වෙනුවෙන් දියහැකි ලොකුම දායාදය ප්රජාතන්ත්රවාදය බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
එතුමා එසේ පවසා සිටියේ ආසන 2000කින් සමන්විත සම්මන්ත්රණ ශාලාවකට අද(17) ගාල්ල කදුරුදූවේදී මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
“ප්රජාතන්ත්රවාදය සුරැකීම සම්බන්ධව අද ලෝක ප්රජාවේම ගෞරවය අප රටට ලැබී තිබෙනවා. රටක් වශයෙන් අප මේ ගැන ආඩම්බර විය යුතුයි. අපේ අධිකරණය ලෝකයේ කීර්තිමත් අධිකරණයක් ලෙස පිළි අරගෙන තියෙනවා. අපි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවලා තියෙනවා. අපේ මානව හිමිකම් කොමිෂන් සභාව ලෝකයේ තිබෙන විශිෂ්ඨතම කොමිෂන් සභාවක් ලෙස පිළි අරගෙන තියෙනවා.
රටේ නූපන් පරපුර වෙනුවෙන් මට දෙන්න පුළුවන් ලොකුම දායාදය ප්රජාතන්ත්රවාදයයි. ප්රජාතන්ත්රවාදයේ වටිනාකම අපිට තේරෙන්නේ එය නැතිවුණ දවසටයි. සමහර රටවල ප්රජාතත්ත්රවාදය වෙනුවෙන් මොන තරම් ජීවිත විනාශ වෙනවාද? තමන්ට කැමති රාජ්යතන්ත්රයක් ලබාගැනීම වෙනුවෙන් අද ලෝකයේ විශාල ලේ වැගිරීම් සිදු වෙනවා. ඒ අතින් අපේ රට වාසනාවන්තයි. අපේ එවැනි ජාතිවාද ආගම්වාද නැහැ. දැන් අපට තියෙන්නේ මේ රට රැකගැනීම පමණයි” යනුවෙන් පැවසිය.
සාගරිකා ලොකුකරවිට

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
