වැල්ලවත්ත ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්රකට චිත්රපට අධ්යක්ෂ චන්ද්රරත්න මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල ගොරකා පිටිය සමන්පුර අංක 59/B හි පදිංචි වීණාවි සුලක්ඛනා මාපිටිගම (41) කාන්තාවක බව පොලීසිය කියයි.
මියගිය කාන්තාව මෝටර් රථයකින් තම සැමියා සමඟ පාමංකඩ දෙස සිට වැල්ලවත්ත දෙසට යාම සඳහා ඊස්වරී මාර්ගයට හරවනවාත් සමග ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මෝටර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනාට සහ මෙම කාන්තාවට තුවාල වි තිබීම නිසා ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අද (15) සිදුකිරීමට නියමිතය.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියැදුරු දැනට රෝහල් ගතව ප්රතිකාර ලබන අතර සුව වූ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
