වැල්ලවාය ප්රදේශයේදී බස් රථයක ගැටී විදේශිකයෙකු අද (26දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි අලෙන් අනද්රේ ඇල්බට් නමැති ප්රංශ ජාතිකයෙකි.
විදේශිකයන් පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල මාර්ගයේ 02 කණුව ප්රදේශයේදී ඡායාරූප ලබාගැනීම සඳහා නවතා ඇති අතර එම අවස්ථාවේදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි අදාළ ප්රංශ ජාතිකයා වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ විදේශිකයා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෘත දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.
වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.