පළාත් සභාවට ගිය මිනි පෙට්ටි
පළාත් සභා මැතිවරණ කල් දමමින් ආණ්ඩුව සිදුකරන ප්රජාතන්ත්ර විරෝධී වැඩ පිළිවෙලට එරෙහිව දකුණු පළාත් සභා එජනිස මන්ත්රීවරුන් අද (26) පැවති දකුණු පළාත් සභාවට මිනී පෙට්ටියක් සහ මල් වඩම් රැගෙන පැමිණීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
දකුණු පළාත් සභාව ආරම්භ වීමට පෙර පළාත් සභා ප්රධාන දොරටුව අසලට මෙසේ මල් වඩම් සහ මිනී පෙට්ටිය සමඟ සන්ධාන මන්ත්රීවරුන් පැමිණ විරෝධතාවය දැක්වීය.
“පළාත් සභා කල්දාන ආණ්ඩුවට නිවන් සැප, “මව්බිමේ ප්රජාතන්ත්රවාය නිරුවත් කල ආණ්ඩුවට නිවන් සුව, “මහ බැංකුව හොරා කාපු ආණ්ඩුවට වයධම්මා සංඛාරා” යන සටන් පාඨ කියමින් ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වු අතර පසුව අදාළ මන්ත්රීවරුන් මල් වඩම් සහ මිනී පෙට්ටිය සහිතව පළාත් සභා ප්රධාන පිවිසුමෙන් ඇතුලත් වීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් මිනී පෙට්ටිය පළාත් සභා සංකීර්ණය තුලට රැගෙන ඒම තහනම් කර අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ අනුව මිනී පෙට්ටිය පළාත් සභාව ඉදිරිපිට තැබු සන්ධාන මන්ත්රීවරුන් මල් වඩම් සහිතව පළාත් සභාව තුලට පැමිණ නැවත උද්ඝෝෂණයේ නිරත විය. පසුව මල් වඩම් ඉවත් කර සන්ධාන මන්ත්රීවරුන් පළාත් සභා රැස්වීම සඳහා සහභාගී විය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
Champa Tuesday, 26 March 2019 04:52 PM
පළාත් සභා, ප්රාදේශීය සභා දෙවර්ගයම අහෝසි වෙන්න ඕනේ. දකුණු පළාතේ විතරක් ප්රාදේශීය සභා සභිකයන්ගේ වැටුප විතරක් (ඉන්ධන දුරකථන දීමනා නැතුවත්) මාසෙකට, මාසෙකට, වැටුපට විතරක් රුපියල් එක් කෝටි හැත්තා අට ලක්ෂයක් වියදම් වෙනවා කියලා දිවයිනේ තිබ්බ. මේ එක පළාතක විතරක්. මුළු රටේම කොහොමට ඇත්ද? මේවා ජාතික අපරාධ. මෙලෝ වැඩක් නැති දේශපාලකයෝ නඩත්තු කරන්න නාස්ති කරන මේ මුදලින් මොන තරම් දේවල් කරන්න තිබ්බද? පළාත් සභා සහ ඒ මත ඇති කරපු ප්රාදේශීය සභා දෙකම අහෝසි කරලා, පාට පක්ෂ භේද නැතුව, ආණ්ඩු පක්ෂ විපක්ෂ කියල බෙදන්නේ නැතුව, පාර්ලිමේන්තු මන්ත්රීවරු හරහා රටට වැඩ කරන පිළිවෙලක් හදන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

