පළාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් එළඹෙන ජූලි මස 05 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළ බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (28දා) පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.
එහිදී මැතිවරණයේදී උපයෝගී කර ගන්නා මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලද බවත් එසේම පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව සියලු පාර්ශ්ව විසින් අවධාරණය කළ බවත් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පළාත් සභා සහ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්වරු ඇතුළු එහි නිලධාරීන්, සීමානීර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා හා එහි සාමාජිකයන් දෙදෙනෙකු ද මෙම අවස්ථාවට එක් වූහ.
