පළාත් සභා ඡන්ද විමසීම ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
එම නියෝගය මැතිවරණ කොමිෂම වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම පෙත්සම ගොනු කළේය. පළාත් සභා හයක නිල කාලය මේ වන විට අවසන්ව ඇතත් තවමත් පළාත් සභා ඡන්ද විමසීම පවත්වා නොමැත.

popular news
-
Champa Monday, 18 February 2019 04:41 PM
ජනමත විචාරණයක් තිබ්බොත් රටෙන් 90% ක්ම කියනවා "පළාත් සභා එපා" කියලා. පළාත් සභා වලට වෙන් කරලා තියෙන සල්ලි වලින් 80%ක්ම යන්නේ ගොඩනැගිලි සහ වාහන නඩත්තුවට, සේවකයන් නඩත්තුවට, සහ දේශපාලකයන් නඩත්තුවට. ඉතුරු 20%නුත් ජනතාව වෙනුවෙන් කිසි දෙයක් කරලා නැහැ මේ දක්වා. පළාත් සභා චන්දය නොතැබීම නිසා රටට කිසිම ආකාරයේ අහිතකර ප්‍රතිඵලයක් ලැබිල නැහැ. ජනතාවට කිසිම අඩු පාඩුවක් වෙලත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ කතාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධව ජනතාවගේ පැත්තෙන් බලල තීරණයක් දෙන්න ඕනේ. පළාත් සභා චන්දය නොපැවැත්වීමෙන් වෙලා තියෙන අඩුපාඩුව මොකක්ද කියල පැමිණිල්ල පැහැදිලිව විස්තර කරන්න ඕනේ. එහෙම අඩු පාඩුවක් නැහැ. ජනතාව පැත්තෙන් බැලුවොත් පළාත් සභා සුදු අලි නැතිවීම නිසා ඉතා විශාල ලෙස මහජන ධනය ඉතුරු වෙලා තියෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
