කවර තත්ත්වයක් යටතේ වුවද මන්ත්‍රීවරුන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වීම ජනතාව අනුමත නොකරනු ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අද පැවැති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී කථානායකවරයා මේ බව පකාශ කර තිබේ.
එසේම මැතිවරණ ප්‍රමාදය පිළිබඳව රට තුළ පවතින ජනමතය මෙන්ම ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය ශක්තිමත් කිරීමට නිසි කලට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවයද සැලකිල්ලට ගනිමින් පක්ෂ නායකයන් එක්ව පළාත් සභා මැතිවරණය කවර ක්‍රමවේදයක් අනුව කවර කාලයක් තුලදී පැවැත්විය යුතුද යන්න පිලිබඳ තීරණය අප්‍රමාදව ගත යුතු බවද කතානායකවරයා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, පළාත් පාලන විෂය භාර ඇමති ෆයිසර් මුස්තාෆා, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, අනුර කුමාර දිසානායක, රිෂාද් බදියුදීන් මහතා නියෝජනය කරමින් අමීර් අලි යන මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එසේම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
මෙහිදී මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති ඒකමතික අවසාන තීරණයකට එළඹීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව සියලු පාර්ශ්වයන්ගේ පිළිගැනීම වී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ මහජන නියෝජිතයන් විසින් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම් කවර ක්‍රමවේදයක් යටතේ වුවද මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා උපරිමයෙන් දායකත්වය ලබා දීමට සූදානම් බවයි.
ඔක්තෝබර් මස අවසන් වීමට පෙර අවසන් නිගමනයකට පිවිසියහොත් ජනවාරි මස 05 වන දින පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවට සභාපතිවරුන් දෙපල විශ්වාසය පළ කළහ.
එසේම, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාලව 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ 3/(අ)/12 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පහත නම් සඳහන් සාමාජිකයන් සහිතවූ සමාලෝචන කමිටුවක් පත් කිරීමටද විසින් පියවර ගෙන තිබේ.
1. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
2. විපක්ෂ නායක ආර්. සම්බන්දන්
3. අමාත්‍ය රවුෆ් හකීම්
4. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
5. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
6. සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම්
මේ පිළිබඳ ඊළඟ රැස්වීම ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුලි මස 26 වන දින පැවැත්වීමටද තීරණය කෙරිණි.
