පළාත් සභා ක්රමයේ ආරම්භයේ සිටම අධ්‍යයනයක් කළ යුතුයි
පළාත් සභා ක්රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හදුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.
මේ පිළිබඳ තමා අමාත්‍යවරයෙක් ලෙස අවස්ථා දෙකකදීම යෝජනා ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා, ජනාධිපතිවරයා ලෙස 2015 වසරේ ද ඒ සඳහා අදාළ අංශවලට උපදෙස් ලබාදුන් නමුත් මෙතෙක් කිසිවෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට කටයුතු කර නොමැති බවද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ වංචාව, දුෂණය සහ අක්රමිකතාව පිටුදැකීමේ අරමුණු සාර්ථක කර ගැනිමට නම් රට තුළ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය විනය ඇති කිරීම අත්‍යාවශ්‍ය බවයි. මූල්‍ය විනය කඩකරන්නන්ට එරෙහිව තරාතිරමකින් තොරව නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
වාර්ෂික ව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත යොමු කරන විගණකාධිපති වාර්තාවේ නිර්දේශ එම ආයතන තුළ කි‍්‍රයාත්මක නොවීම ගැටලූවක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

popular news
-
Champa Friday, 01 February 2019 11:26 PM
පළාත් සභා සහ ඒ හින්දා ආපු ප්‍රාදේශීය සභා අහෝසි කරලා දාන්න ඕනේ. පළාත් සභා ගෙනාවේ උතුරේ යුද්ධේ නවත්තල ආයුධ බිම තිව්වන්න. ජේ ආර් උතුරට විතරක් නැතුව මුළු රටටම පළාත් සභා දුන්නේ උතුරට විතරක් දුන්නොත් පස්සේ ඒ පළාත් බෙදුම්වාදීන් අල්ල ගනියි කියලා වෙන්න ඕනේ. ප්රභාකරන් මුලින් ඒකට කැමති වෙලා පළාත් සභා පිහිටෙව්වට පස්සේ ඉන්දියාවත් එක්ක එකඟ වෙච්ච විදිහට ආයුධ බිම තිබ්බේ නැහැ. ඒ හින්ද මෙලෝ වැඩක් නැතුව 1987 ඉඳන් පළාත් සභා මහජන මුදල් කාබසීනිය කරමින් දූෂණයේ උල්පත් වෙමින් සුදු අලි වගේ පවතිනවා. වෙන් කරලා තියෙන මුදල් වලින් කලේ මොනවාද කියලා පහුගිය කාලේ රටම දැක්ක. 2009 යුද්ධේ දින්න වෙලාවේ අගේට ඔය පළාත් සභා අහෝසි කරලා දාන්න තිබ්බ. අඩු ගානේ දැන්වත් ඔය පළාත් සභා අහෝසි කරලා නිස්කාරනේ ඒවාට දෙන සල්ලි,ගොඩනැගිලි, වාහන සහ වැඩ කරන මිනිස්සු නඩත්තුවට සහ ඔක්කොටම වඩා දේශපාලකයන් නඩත්තුවට යන සල්ලි රජයට තියාගෙන, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරීන් හරහා වැඩකට ඇති වැඩක් කරන්න ඕනේ. බෙදුම්වාදය හෙවනැල්ලක් වගේ අදටත් තියෙන්නේ ඔය පළාත් සභා නිසා. ඒ හින්ද ඒ ප්‍රශ්නේ සදහටම ඉවර කරලා දාන්න ඕනේ ඕව අහෝසි කරලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

