පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලබාදෙන දීමනාව ඉහළ දැමූ බවට පසුගිය කාලයේ ප්‍රකාශ වූවද මෙතෙක් එවැනි වැඩිවීමක් සිදුවී නොමැති බව කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක එම්.එම්. මන්සිල් මහතා සඳහන් කළේය.
විපක්ෂයේ බහුතර කැමැත්ත මත විපක්ෂනායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තමාට ඊයේ (01) ලැබුණු බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
මේ නිසා විපක්ෂයක් ලෙස කොළඹ නගරය දියුණු කිරීමට සිදුකළ යුතු යෝජනා හා අදහස් ඉදිරි සභා වාරවලදී ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.
