ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ආරම්භ කරනු ලබන "නිෂ්පාදන පොකුරු ගම්මාන” වැඩසටහන අද (29දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය අලුත්ගම ගම්මානයෙන් ආරම්භ කරන ලදී.
මෙම වැඩපිළිවෙල යටතේ එක් එක් ගම්මාන වල කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය ඉහල තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි සෞඛ්‍ය සම්පන්න භෝග වගාකිරීමෙහිලා, බීජ නිෂ්පාදනය කිරීම හා එම නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපොල සඳහා නිකුත් කිරීමට නියමිත අතර මෙහි පළමු පියවර වශයෙන් පවුල් 500 ක් මෙයට වැඩසටහනට සහභාගි කර ගැනීමට නියමිතය.
මෙම ක්‍රියාවලියට අවශ්‍ය බීජ තාක්ෂණික දැනුම මූල්‍යමය ආධාර ඇතුළු සම්පූර්ණ ක්‍රියාවලිය අධීක්ෂණයට අවශ්‍ය මානව සම්පත් වැනි සියළු දේ රජයෙන් සපයනු ලබයි.