පොළොන්නරුවෙන් හමුවු නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළා සුවය ලබා පිටව යන අවස්ථාවේ පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සරත් ජයසිංහ මහතා විසින් පොළොන්නරුවේ සෞඛ්‍ය අංශයේ සියලු තරාතිරම්වල සියලුම දෙනා සහ සමස්ත රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම නාවික සෙබළා කල සුවිශේෂ ක්‍රියාවට ස්තුතිය පුද කළේය.
මෙම නාවික සෙබළා ඉකුත් මස 22 දින කොරෝනා රෝගියෙකු බව තහවුරු විමත් සමග වැලිකන්ද කොරෝනා රෝගීන් සදහා වෙන්වු විශේෂිත රෝහලේ දින 19ක කාලයක් ප්‍රතිකාර ලැබිමෙන් පසු සුවය ලබා ඊයේ (09) දින ඔහුගේ පුලස්තිගම ප්‍රදේශයේ නිවසට පිටව ගොස් තිබේ.
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සරත් ජයසිංහ මහතා ,
“මෙම රෝගීයා වයස අවුරුදු 32ක නාවික හමුදා සෙබළෙකි. ඔහු වැලිසර නාවික හමුදා කඳවුරට යටතේ පවතින කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක සේවය කර ඉකුත් 18 දින නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ.
මෙම සෙබළා අවස්ථානුකුල කටයුතු කර තිබිම නිසා පොළොන්නරුව ඇතුළු ලංකාවටම විශාල හානියක් සිදු විමට තිබු අවස්ථාව මෙම විරෝධාර සෙබළාගේ ක්‍රියාකලාපය නිසා වලක්වා ගැනිමට හැකි වුණා. ඒ වාගේ මෙම සෙබළාට කොරෝනා රෝග ලක්ෂණ මතු විමට ආරම්භ වු අවස්ථාවේදි ම කොරෝනා හදිසි ප්‍රතිකාර එකකය වන 1390 අංශයට කතා කොට එහි වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කර තිබිම නිසා මෙම විරෝධාර සෙබළා ඇසුරු කල පවුලේ අයට මෙන්ම මොහු ඇසුරු කල වෙනත් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ශරිර ගත වි නැ. මෙම සෙබළාගේ ශරිරයේ කොරෝනා වෛරසය තිබි හමු විමත් සමග නාවික හමුදාවේ වැලිසර කදවුරේ සේවය කර නිවාඩු ලබා රටපුරා ගම් වෙත පැමිණි තිබු විශාල සෙබලුන් ප්‍රමාණයක් සොයා ගැනිමට හැකි වුනා. ඒ පොළොන්නරුවෙන් හමුවු නාවික සෙබළාගේ දිවි හිමියෙන් රටට ආදරය කල විරෝධාර සෙබළෙක් විම නිසායි.
මෙම සෙබලා රෝග ලක්ෂණ මතු වෙන අවස්ථාවේ නිසි ලෙස ක්‍රියා නොකර සිටියා නම් මේ වන විට පොළොන්නරුවටත් රටටත් විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා තැනට සුදුසු ලෙස අවිය පමණක් නොව මනස ද නිසි ලෙස මෙහෙයවා කටයුතු කල පොළොන්නරුවේ පුලස්තිගම පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි සිදු කරන රට දැය වෙනුවෙන් මහගු සේවයක් ඉටු කල නාවික සෙබළාට පොළොන්නරුවේ සමස්ත ජනතාවගෙත් සෞඛ්‍ය අංශයේ සියලු තරාතිරම්වල සියලු දෙනාත් සමස්ත රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබ කල සුවිශේෂ ක්‍රියාවට ස්තුතිය පුද කර සිටිනවා” යැයි පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.