පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප්‍රගතිය සහ 2019 වසරේ සැලසුම් පිළිබඳ ජනාධිපතිතුමා සමාලෝචනයක් සිදු කළේය.
ඒ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
එහිදි අදාළ නිලධාරීන් පෙන්වා දුන්නේ,
වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැය කර තිඛෙන බවත්, එහි මූල්‍ය ප්‍රගතිය සියයට සියයක් බවත්ය.
දිළිදුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූණු අතර, රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිගයට විසදුම් ලබාදීම පිළිබදව ද අවධානය යොමු විය.
පවතින කාලගුණික තත්ත්වය සමග කෘෂිකාර්මික කටයුතුවල නව පිබිදීමක් ඇති වී තිඛෙන අතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ,පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.
තවද,
රැක් රෝපණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබදව ද සාකච්ඡාවට ලක් වූ අතර පළාත් අධ්‍යාපන කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව පාසල් දරුවන් වෙත පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.