හෙට(29) දිනය තුළ දී පොළොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමු කළ මට්ටමකට පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය යටතේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
වායුගෝලීය ආර්ද්‍රතාවය හා උපරිම උෂ්ණත්ව අගයන් මත මෙම තත්ත්වය ගණනය කර ඇති අතර, මෙය උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවෙන බව ද සඳහන් වෙයි.
එම දර්ශකය අනුව මිනිස් සිරුරේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ජලය පානය කිරීම වැඩි කළ යුතු අතර, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කල යුතු බව ද වාර්තා වෙයි.