පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාළ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විභාගය පැවැත්වුණි.
බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරති.
නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13 ක් ඉදිරිපත් වී තිබෙන බවයි.
මැදිහත්වීමේ පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පළාත් සභා වල සීමා නිර්ණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද 139 කින් පරාජය කර ඇති බවයි.
ඉන් අනතුරුව එම සීමා නිර්ණය වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා එම කමිටුව විසින් ඔවුන්ගේ වාර්තාවද මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ද ප්‍රකාශ කළේය.