පළාත් සභා පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව රාජ්‍යයේ පැවැත්වීමට ද බලවත් තර්ජනයක් බව බුදධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
නොබෝ දිනකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අදහසක්ද ඇති බව පෙන්වා දෙන එම සංවිධානය දැනට අවුරුදු 03ක් පුරා පළාත් සභා නොමැතිව රාජ්‍ය පාලනය සිදු වූ බවද පවසයි.
එසේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඇති බවට මත පළවෙමින් පවතින අවස්ථාව පුළුල්ව සිතා එම කටයුතු සිදුකළ යුතු බවද එම සංවිධානය යොමුකළ ලිපියේ දැක්වෙයි.
20 වැනි සංශෝධනය ගෙන ඒමේදී 13 වැනි සංශෝධනය, 16 වැනි සංශෝධනය තුළ ඇති අහිතකර වගන්ති පිළිබඳ අවධානය යොමුකළ යුතු බව එම ලිපියේ දැක්වෙයි.