ගාල්ල නගර සභාව ඉදිරිපිටද සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 33ක් මිලිග්‍රෑම් 600ක් සමඟ ඊයේ (11) දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (12) දින දහවල් 12.20ට පමණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට පෙර ගාල්ල කරාපිටිය රෝහලේදි අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරිමට සුදානම් වු අවස්ථාවේදි සැකකරු පොලිස් නිලධාරින්ව පසකට තල්ලු කර දමා පළා යාමට ගොස් ඇති අතර එහිදි මත්ද්‍රව්‍ය නිලධාරින් විසින් සිදු කළ වෙඩි තැබිමකින් සැකකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත්කර ඇති අතර එහිදි ඔහු මියගොස් තිබේ.
මෙම සැකකරු වයස අවු. 34ක්වු ජම්බුගස්වත්ත , පොද්දල ලිපිනයේ පදංචි දිනේෂ් චමින්ද ලියනආරච්චි යන අය වේ.
මේ වන විට ඔහුට හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් නඩු 4ක් ඇති බවටද වර්තා වේ.