ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය එළැඹෙන සිකුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එදින උදෑසන 09.00 සිට අනුකමිටු 04ක් යටතේ දිවයින පුරා තරුණ තරුණියන් රැසක් සමග සුහදශීලී සංවාදාත්මක වැඩසටහනක් නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරෙන අතර, සවස 02.00ට සමුළුව ආරම්භ කිරීමට නියමිතය ඇත.
අනතුරුව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සකස් කරන ලද යෝජනා ඇතුළත් 'නෙළුම් ප්රකාශනය' පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙත පිරිනමනු ලැබේ.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ හමුවක් බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (20දා) උදෑසන පැවැත්විණි.
ඒ සඳහා සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සඳහන් පරිදි මෙම තරුණ සම්මේලනයද පොලිතින්, බැනර් හා කටවුට් භාවිතයෙන් තොරව සිදුකිරීමට නියමිත බවයි.