ජාතික පාසල් හා පළාත් පාසල්වලට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ පිළිබදව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් %අද^ කළ විමසීමකදී පවසා සිටියේ, මෙම ටැබ් පරිගණකවලින් වැඩි ප්‍රමාණය සිසුන් සදහා ලබාදෙන බවත්, අවශ්‍යතාවය අනුව ගුරුවරුන්ට ද ටැබ් පරිගණක ලබාදීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම ප්‍රතිපල ලේඛන ඇතුලත් කිරීමේ කටයුතු සදහා ටැබ් පරිගණක 1500ක් පමණ වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ද කියා සිටියේය.
පසුගිය වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ලංසු ප්රදානය කර ටැබ් 96,919ක් මේ වනවිටත් නිපදවා ඇති බවද ලේකම්වරයා සදහන් කළේය.
එසේම එම ටැබ් පර්ගණක සියල්ල එකවර මිලදී ගෙන සිසුන් සඳහා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ලබාගැනීමටද නියමිතය.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, මේ සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 3,009කි.
එමෙන්ම පාසල් නිලඇඳුම් රෙදි වෙනුවට ලබන වසරේදීද තිළිණ පත් (වව්චර්) ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.