සමාජයන් නැවත විවෘත වනවිට සෑම පාසලක්ම විවෘත කළ යුතු යැයි ඉල්ලා සිටින බවත්, එසේම පාසල් ආරක්ෂිතව විවෘත වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග ගැනද විශේෂයෙන් ඉල්ලා සිටින බවත් යුනිසෙෆ් අධ්‍යාපන ප්‍රධානී රොබට් ජෙන්කින්ස් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ්-19 වෛරස් වසංගතය මධ්‍යයේ ලොව පුරා ළමයින් මිලියන 168කට වැඩි පිරිසකට වසරකට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එය 2020 මාර්තු සිට 2021 පෙබරවාරි දක්වා දත්ත මත පදනම් වේ.
"සමාජයන් නැවත විවෘත වනවිට සෑම පාසලක්ම විවෘත කළ යුතු යැයි අපි ඉල්ලා සිටිනවා. එසේම පාසල් ආරක්ෂිතව විවෘත වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග ගැනද විශේෂයෙන් ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් තිස්සේ පාසල් වසා දැමීම වඩාත් අවදානමට ලක්විය හැකි ලෙස බලපා ඇති බව පැවසිය යුතුයි. ගැහැනු ළමයින් විශේෂයෙන් අවදානමට ලක්ව තිබෙනවා. ඒ වගේම පාසල් වසා දැමීම නිසා කුඩා ප්‍රජාවන්වල සහ දුරස්ථ ස්ථානවල ජීවත්වන, දුප්පත් පවුල්වල දරුවන් විශේෂ අභියෝගයන්ට මුහුණ දී සිටිනවා" යුනිසෙෆ් අධ්‍යාපන ප්‍රධානියා පවසයි.
පාසල් වසා දැමීම තුළ ළමයින් තවදුරටත් පසුබසින බවත්, ඔවුන් වැඩි කාලයක් පන්ති කාමරයෙන් බැහැරව සිටින අතර, කිසිවිටෙකත් පාසලට නොපැමිණෙන බවත් ඔහු පැවසීය.