විදේශ ගමන් බලපත්‍රය හා රජයට අවශ්‍ය රහස් ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීම වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබේ.
විදේශ ගමන් බලපත්‍රය හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන දැනට විදේශීය මුද්‍රණ ආයතන වෙතින් මුද්‍රණය කිරීම හේතුවෙන් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට මෙම තීරණය ගෙන තිබේ.
එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරය ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුව තිබේ.
එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවැරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.