පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් 19 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන්724 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
එම සැකකරුවන් සමඟ පොලිසිය භාරයට ගත් මුදල් සහ ස්වර්ණාභරණ සහ දේපළ වල සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 205 ක් පමණ වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගෙන් 227 කු රක්ෂිත බන්ධනාගාර ගත ගත කර ඇති අතර 83 කු තවදුරටත් රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසුවන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී මුදලින් රුපියල් බිලියන 28 දශම 5 ක්,ඇමරිකානු ඩොලර් හයලක්ෂ ලක්ෂ 95830 ක් ,රුපියල් මිලියන 14 ක් වටිනා නිල් මැණික් ගල් තුනක් , රුපියල්මිලියන 24 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව විවිධ අවස්ථාවලදී සැකකරුවන් අන්තවාදී ක්‍රියා සඳහා උපයෝගී කර ගත් වෑන් රථ හතක්,බොලරෝ කැබ් එකක් ,යතුරුපැදි හතක් හා ත්‍රීරෝද රථ එකක්ද මෙම කාල පරිච්ඡේදය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සහ ත්‍රස්ත ක්‍රියා කොට්ඨාසයේ නිළධාරීන් විසින් නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ 9800 ක් සටහන් කර තිබෙන අතර දුරකතන අංක 21000ක් විශ්ලේෂණ ලක්කර ඇති අතර බැංකු ගිණුම් 100 ක තිබු රුපියල් මිලියන 134 ක ප්‍රමාණයක් ද තහනම් කර තිබෙනවා
වනාතවිල්ලුව ප්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් ,කාන්තන් කුඩි ප්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් , ඒ වගේම දෙමළ කොට ප්‍රදේශයේ පර්චස් 8ක ඉඩමක් නිශ්චල දේපල මෙලෙස ත්‍රස්තවාදය වැලැක්වීම පනතේ ප්‍රතිපාදන යටතේ තහනමට ගෙන තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බවත් ඉදිරියේ දී ගරු නීතිපති විසින් අදාල සැකකරුවන්ට අධිචෝදන පත්‍ර භාරදීමට නියමිතව ඇතැයි මාධ්‍ය ප්‍රකාශ කර වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ