ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්රියාකරන්නකා සේම, මෙවැනි කුරුරුකම්වල නිරතවන්නන් යුක්තිය ඉදිරියට ගෙනඒමේ එක්සත් ජනපද ක්‍රියාවලිය නොනවතිනු ඇති බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසරක් සපිරෙන අද (21දා) දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
අද දිනයේ අපි, මීට වසරකට පෙරාතුව පාස්කු ඉරු දිනයේදී ශ්‍රී ලංකාවත් ලෝකයේත් සාමය බිඳ හෙලමින් සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයේ වර්ෂ පූර්ණ සංවත්සරය සනිටුහන් කරන්නෙමු. වන්දනා කිරීම සඳහා සහ නිවාඩු දිනයක පවුලේ සාමාජිකයන් සමග කාලය ගතකිරීම සඳහා පුද්ගලයන් ඒකරාශී වූ පල්ලි හා හෝටල් මෙම ද්වේෂසහගත ප්‍රහාරවල ඉලක්කය විය.
ISIS සංවිධානයේ ක්‍රියාවන්ගෙන් පෙළඹුම් ලැබ සිදුකරන ලද මෙම ප්‍රහාරවලින් ඇමෙරිකානු පුරවැසියන් 5 දෙනෙකුද ඇතුළු දිවි අහිමි වූ 250කට අධික පුද්ගලයන් සිහිකරමින් අපගේ හෘදයාංගම කනගාටුව ඔවුන්ගේ පවුල්වල හා මිත්‍රයන් වෙත පළ කරන්නෙමු. එමෙන්ම, මෙම කෘර ක්‍රියාවට මුණදී දිවි ගලවාගත් සියලු දෙනා වෙත සහයෝගය පළ කරමින් ඔවුන්ගේ සුවපත්වීම උදෙසා යාඥා කරන්නෙමු. ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්රියාකරන්නකා සේම, මෙවැනි කුරුරුකම්වල නිරතවන්නන් යුක්තිය ඉදිරියට ගෙනඒමේ එක්සත් ජනපද ක්‍රියාවලිය නොනවතිනු ඇත.
අපගේ ශ්‍රී ලාංකේය මිතුරුන් හා හවුල්කරුවන් සමග අපි, සියලු දෙනා සඳහා තිරසර සංවර්ධන සහතික කිරීමටද, අන්‍යෝන්‍ය ගරුත්වයට උපකාරී වන ආගාම් ඇදහීමේ හා විශ්වාස දැරීමේ නිදහස සඳහාද වන සිවිල් නිදහසට ගරු කරන අතර, ත්‍රස්තවාදය මැඬලීම සඳහා අපගේ පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු කරන්නෙමු.