පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදි අද (14) උදෑසන සොයා ගන්නා ලදැයි නානුඔය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නානුඔය පදිංචිව සිටි මුර්ති රාජේන්ද්‍රන් (33) නැමැති දෙදරු පියෙකි.
පස් කන්දක් සමග මෙම පුද්ගලයා අඩි 20 ක පමණ පහළින් පිහිටි නුවරඑළිය, හැටන් ප්‍රධාන මාර්ගයේ කොන්ක්‍රීට් කාණුව තුළට ඇඳ වැටීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඊයේ (13) රාත්‍රි මොහු නිවසේ සිටි බවත්, උදෑසන නිවසේ නොසිටි බැවින් සොයා බැලීමේදී පස් කන්දක් සමග කාණුවට ඇඳ වැටී මියගොස් සිටින අයුරු දැක ගන්නට ලැබුණු බව නිවසියන් පවසති.
ස්ථානීය පරික්ෂණයකින් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා මළ සිරුර නුවරඑළිය මහරෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගන්නා බව පොලීසිය පවසයි.
නානුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.