පිසූ ආහාර සපයන ස්ථාන හා පානයන් සපයන ස්ථාන තවදුරටත් විවෘත කිරීමට අවස්ථාව නොමැති බව නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ආහාර පිසූ පසුව සපයන හෝටල්, පිසූ ආහාර සපයන බක්කි වෙළඳසැල් විවෘත කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවසර දිමට කටයුතු සැකසෙමින් පවතිනවා.
හෙට දිනයේ සිට එවැනි පිසූ ආහාර සපයන හෝටල් විවෘත කිරිමට අවසර නෑ. තේ, පානයන් වර්ග, පළතුරු යුෂ සාදා ඉන්පසුව සේවා සපයන ආයතන විවෘත කිරීමට හැකියාවක් නෑ. ඔන්ලයින් ක්‍රමයට ආහාර සපයන වෙළඳසැල්වලට කටයුතු කරගෙන යෑමට හැකියාවක් තිබෙනවා.
කාමර පහසුකම් ඇති ආයතනවලට නිරෝධායන නීති අනුව කටයුතු කළ යුතුයි. රෙස්ටුරන්ට්වල ආහාර සැපයීමේ අවස්ථාව නෑ. නවතින අය සිටිනවානම් ඔවුන් සිටින ස්ථානවලට ආහාර සැපයීම අනිවාර්ය වෙනවා.”