පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සඳහා අභ්‍යාසලාභීන් 850ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ සඳහා වන ගැසට් නිවේදනය 23දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් විද්ය්රත් මාධ්‍ය ක්‍රමයෙන් මෙම බඳවා ගැනීම සිදුකරන බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව www.health.gov.lk යන වෙබ් අඩවියට අයඳුම්පත් යොමුකළ හැකි බවත් අන්තර්ජාලය හරහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් බඳවා ගන්නේ ප්‍රථම අවස්ථාවට බවත් එම නිවේදනයේ දැක්වෙයි.
උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව හා රසායන විද්‍යාව යන විශයන් අතරින් විෂයන් 03ක් එක් වරකදී සමත්වූවන්ගෙන් අයඳුම්පත් කැඳවිමට නියමිතය.