ජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් නාරාහේන්පිට අභිනවාරාමයේ සිට පැමිණි රථ පෙරහැර ඊයේ දින රාත්රී සීනිගම දේවාලයට පැමිණියේය.
පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, රාවණා බලය ලේකම් ඉත්තෑකන්දේ සද්ධා තිස්ස හිමියන් පුමුඛ මහා සංඝරත්නය හා පැමිණි පිරිස දේවකන්නලව්වක් පැවැත්වීමෙන් අනතුරුව මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පොල් ගැසිමක් හා අත්සන් පනස් ලක්ෂයේ පෙත්සමට අත්සන් තැබීමද සිදු කළේය.