පලාලි ගුවන්තොටුපොළ හා කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව සහාය දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊට අමතරව උතුරේ ව්‍යාපාර සංවර්ධනය කිරීමටද ඉන්දීය සහාය ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
උතුරු පළාත තුළ සුවසැරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සැටලැයිට් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අසල්වැසියෙක් පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාකාරී සහකරුවෙක් බවයි.
සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දීය ප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
ප්‍රදීප් පතිරණ






